cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

إظهار المزيد
مشاركات الإعلانات
11 130
المشتركون
-224 ساعات
-307 أيام
-10130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
මේ මාසෙ අග ඉඳන් පෘථිවියට තවත් චන්ද්‍රයෙක්?😳 මේ කතාව ඇත්තද? පියවී ඇසට පෙනෙයිද? ඔන්න සම්පුර්ණ වීඩියෝ එක😊👇 https://youtu.be/ZuUW6U_TyH8?si=SgqiRNXYJDv3iYB- © Andromeda Astro
إظهار الكل...
28
මේ බිනර පුර සඳෙහි මීට සුළු වෙලාවකට පෙර ලබාගත් චායාරූපයක්.🔭🌕❤️ Equipments D203,F/10 Schmidt Cassegrain Telescope 25mm wide angle eyepiece Samsung S20 mobile phone camera 📷 Dinujaya C Karunarathne © Andromeda Astro
إظهار الكل...
65🔥 2👌 1
Photo unavailableShow in Telegram
දැන් නැගෙනහිර අහස බලන්න. බිනර පුර හඳ අසලම සෙනසුරු පේනවා!🌕🪐❤️ මේ දැන් පොඩ්ඩකට කලින් ගත්තු ෆොටෝ එකක්. ඔයාල ගත්තු ෆොටෝත් දාන්න පහළින් 🥰 අද මේ ග්‍රහ වස්තු දෙක අතර කෝණික පරතරය අංශක 2.5ක් පමණ. -Andromeda Astro-
إظهار الكل...
65👍 4
මේ වසරේ සෙනසුරු ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීමට ඔබට ලැබෙන හොඳම අවස්ථාව තමයි හෙට රාත්‍රීයේදී උදා වන්නේ. මේකට හේතුව තමයි සෙනසුරු පෘථිවිය සමඟ Opposition පිහිටුමෙහි පැවතීම.😌 මොකක්ද මේ Opposition පිහිටුම කියන්නෙ?🤔 Opposition පිහිටුම කියන්නෙ පෘථිවියට බාහිරින් පවතින යම් ග්‍රහලෝකයක් පෘථිවිය සහ සූර්යයා සමඟ ඒක රේඛීයව පවතින පිහිටුමට. ඔය දෙවෙනි රූපය බලන්නකො. මෙතනදි අනිවාර්යයෙන් අදාල බාහිර ග්‍රහලෝකය සහ සූර්යයා අතර පෘථිවිය පිහිටන්න ඕනෙ. ඉතින් භාහිර ග්‍රහලෝකයක් මෙහෙම පෘථිවිය සමඟ ඒකරේඛීයව පිහිටන විට එය සහ පෘථිවිය අතර දුර පරතරය අවම වෙනවා. එසේම එම ග්‍රහලෝවට වැටුනු සූර්යාලෝකය අප දෙසට සෘජුව පරාවර්තනය වීම නිසාත් අපට වෙනදාට සාපේක්ෂව වැඩි දීප්තියක් සහිතව එවිට නිරීක්ෂණය කල හැකියි.😍 (සඳේ පසලොස්වක දින පිහිටුම මතකයට නගා ගන්න.) ඉතින් හෙට දින උදෑසන 10.30ට සෙනසුරු ග්‍රහලෝකය මේ ආකරයට පෘථිවියට ආසන්නව, Opposition පිහිටුමට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී පෘථිවිය සහ එය අතර පරතරය වෙනදා ඒ දෙක අතර සාමාන්‍ය පරතරයට වඩා කිලෝමීටර මිලියන 65 කින් පමණ අඩුයි.🤯 නමුත් ඒ දෙක අතර දළ පරතරය සමග සැසඳීමේදී මේ අගය ඉතාමත් කුඩා අගයක්. මේ නිසා අපට සෙනසුරුගේ සැලකිය යුතු විශාලත්ව වෙනසක් පියවී ඇසට දැකගැගන්න බැහැ. හැබැයි සාමාන්‍ය දුරේක්ෂයකින් බැලුවොත් ඒ වෙනස හඳුනගන්න පුලුවන්. සාමන්‍යෙන් සෙනසුරු අපට දුරින්ම ඇති අවස්ථාවක එහි කෝණික විශ්කම්භය වෙන්නෙ විකලා 14.5ක් පමණ. නමුත් අද දින එම අගය විකලා 19පමණ දක්වා වැඩිවීම සිදුවනවා.🤩 (විකලා එකක් යනු අංශක 1/3600කි.) හැබැයි එහි දීප්තියේනම් ඉතා සුළු වැඩිවීමක් අපිට පියවී ඇසට දැකගන්න පුළුවන්.😍 අද දින එහි දෘෂ්‍ය දීප්ති විශාලනය වෙන්නෙ + 0.4ක් පමණ. නමුත් සෙනසුරු පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාවක එම අගය +1.17ක් පමණ දක්වා වැඩිවීම සිදුවනවා. යම් වස්තුවක මේ අගය අඩුවෙනවා කියන්නෙ ඒක දීප්තිමත් වෙනවා කියන එක.😎 හරි. දැන් අපි බලමු මෙය නිරීක්ෂණය කරන්නෙ කොහොමද කියල😇 හෙට දින (8) සෙනසුරු නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීම සිදුවන්නේ ප.ව. 6.15ට පමණ. ඒවගේම එය බැසයන්නේ පසුදා පෙ.ව. 6.09ට පමණ. ඒ කියන්නෙ ඔබට මෙය හෙට සවස 7පමණ සිට පසුදා පහන් වන තුරු ඕනෑම වෙලාවක පියවී ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමන්‍යෙන් රාත්‍රී 8.30ට වගේ නැගෙනහිර අහස බැලුවොත් මේක ක්ෂිතිජයෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේදී ඔබට මෙය දැකගන්න පුළුවන්.😉 ඒ වෙලාවට වන විට නැගෙනහිර අහසේ තිබෙන දීප්තිමත්ම ග්‍රහලෝකය එය නිසා ඔබට එය සොයාගැනීම එතරම් අපහසු නොවේවි. එහෙම නැත්නම් එහි පිහිටීම හඳුනාගැනීමට ඔබට පුළුවන් Stellarium app එක ඔබේ Mobile phone එකට install කරගන්න. ඔබ මෙය දුරේක්ෂයකින් නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔබට පුළුවන් වෙයි සෙනසුරුගේ වළලු, කැසිනි බෙදීම්, සහ චන්ද්‍රයින් කිහිපදෙනෙකුත් වෙනදාට වඩා පැහැදිලිව දැකබලාගන්න.😊 ඒවගේම මමත් හෙට බලාපොරොත්තු වෙනවා සෙනසුරු දුරේක්ෂ වලින් චායාරූප ගත කරන්න. ඉතින් අහස පැහැදිලිනම් අනිවාර්යයෙන් ඒ චායාරූප ඔබ වෙත ගෙන එන්නම්.එසේනම් එතෙක් රැඳීසිටින්න.❤️✨ ✍️ Dinujaya C Karunarathne © Andromeda Astro
إظهار الكل...
54👍 4
Photo unavailableShow in Telegram
සෙනසුරු සහ පෘථිවිය අතර දුර පරතරය හෙට අවම වෙනවා..😳🌝👇 මේ වසරේ සෙනසුරු නිරීක්ෂණයට ඇති හොඳම දිනය මෙය වේවි!
إظهار الكل...
36
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
සෙනසුරු සහ පෘථිවිය අතර දුර පරතරය හෙට අවම වෙනවා..😳🌝👇 මේ වසරේ සෙනසුරු නිරීක්ෂණයට ඇති හොඳම දිනය මෙය වේවි!
إظهار الكل...
Photo unavailableShow in Telegram
අද හවස සඳ සිකුරු ළඟින් පේනවා...😁❤️ හවස 6.30 පස්සෙ බටහිර අහස බලන්න. සිකුරු බටහිර ක්ෂිතිජයින් අංශක 15ක් වගේ ඉහළින් තියෙන්නෙ. ගොඩක් දීප්තිමත් නිසා බලපු ගමන් හොයාගන්න පුලුවන් වෙයි. සඳ ඒ එක්කම පොඩ්ඩක් වම් පැත්තෙන් පෙනේවි. සඳේ කලාව අමාවකට ආසන්න නිසා එකවරම අඳුනගන්න අපහසු වෙන්න පුලුවන්. ග්‍රහවස්තු දෙක ක්ෂිතිජයින් බැහැල යන්නෙ රාත්‍රී 7.42ට වගේ. ඒ නිසා ඒ වෙනකල් නිරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි බටහිර ක්ෂිතිජය ආසන්නව හොඳින් පෙනෙන ස්ථානයක් වෙන්න ඕනෙ. මේ දෙක අතර කෝණික පරතර අංශක 2ක් වගේ වෙනවා. ඒ නිසා සිදුවීම ගොඩක් ආකර්ෂණීය වේවි. බලල ෆොටෝ ගත්තොත් කමෙන්ට් එකක් දාන්න ❤️ © Andromeda Astro
إظهار الكل...
57
අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටෙන නව ග්‍රාහකයක් හඳුනාගනී!!!😲☄️‼️ දළ වශයෙන් මීටරයක ප්‍රමාණයේ ග්‍රහකයක් අද රාත්‍රීයේදී පෘථිවිය සමඟ ගැටීමට පැමිණෙන බව මීට පැය කිහිපයකට පෙර Arizona හි Mount Lemmon නිරීක්ෂණාගාරයට වාර්තා වී තිබෙනවා. එය නම් කර තිබෙන්නෙ CAQTDL2 ලෙසින්. දැනට සිදුකල ඇති ගණනය කිරීම් වලට අනුව එය අද දින (4) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.16ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. එය වායුගෝලයට ඇතුළු වන්නේ පිලිපීනයේ Luzon දූපත් අවට ප්‍රදේශයට ඉහළිනුයි. කොහොමනමුත් පර්‍යේෂකයින් පවසන්නේ එය බොහෝදුරට පෘථිවි වායුගෝලය තුළදී සම්පූර්ණයෙන් දහනය වී අවසන් විය හැකි බවයි. යම් හෙයකින් කුඩා කැබලි ඉතිරි වුවහොත් ඒවා වැටීමට වැඩි සම්භාවිතාවක් පවතින්නේ Luzon දූපත් වලට නැගෙනහිර දෙසින් ඇති සාගරයටයි. මේ සිදුවීම ශ්‍රී ලාංකික අපට නිරීක්ෂණය කරන්න ලැබෙන්නෙ නැහැ. කොහොමනමුත් පිළිපීනයේ සහ අවට දූපත් වල වෙසෙන ජනතාවය එය ඉතා දීප්තිමත්ව වායුගෝලය තුළ දහනය වන ආකාරය දැකගන්න පුලුවන් වෙයි. ඇතැම් විට ඒ දීප්තිය චන්ද්‍රයාගේ දීප්තියටත් වඩා ඉහළ යන්න පුලුවන්. #CAQTDL2 #asteroidimpact © Andromeda Astro
إظهار الكل...
71🤯 24👍 5😢 5🤔 4
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.