cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🌈දේදුනු සිහින🏳️‍🌈

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සමරිසි සමුහයක් වන 🌟👬 COOL BOYS👬🌟 සමුහයේ දෙදුන්නේ වර්ණවත් බව දැකගන්න හා සමරිසි ප්‍රජාවගේ තොරතුරු දැනගන්න 🌈️දෙදුනු සිහින🏳️‍🌈 https://t.me/+w_tek1ur8KUwZTg0

إظهار المزيد
مشاركات الإعلانات
1 284
المشتركون
+624 ساعات
+77 أيام
+3530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:33
Video unavailable
1.16 MB
Photo unavailable
Seacycleswim මෙහෙම කියනවා... //මේ ඉන්නේ ඔලිම්පික් ශූරයෙක් වෙච්ච ටොම් ඩේලි. එයා මේ ඉන්නේ 3 meters high diving කාන්තා ඉසව්වේ ෆයිනල්ස් බලන්න ගිහින්. එතනට වෙලා ඉන්න අතරේ එයා එයාගේ ස්ටෙන්සිල් එකයි ඉඳිකටුයි එළියට අරගෙන ගොතන්න පටන් ගත්තා. එයාට තියනවා 'Made with love by Tom Daley' කියලා ඉන්ස්ටග්‍රැම් පිටුවක්. එයා එයාගේ ගෙතුම් නිර්මාණ ඒ පිටුවට දානවා. ඊටපස්සේ ඒවා වෙන්දේසි කරනවා. ඒකෙන් ලැබෙන සල්ලි ටික ඔක්කොම, ගෙවල්වලින් පන්නලා දාපු තරුණ LGbTQ+ ළමයින්ට හෙවණක් වෙන නිවාසවලට දෙනවා. ටොම් ඩේලි කරන මේ හරිම ස්වභාවික, හරිම නිරායාස දේ අපිට මොනවද දන්නවද උගන්නන්නේ? තහංචිවලින්, පූර්ව විනිශ්චයන්ගෙන්, එක එක අච්චුවලින් පිරිච්ච ලෝකෙකදි පවා මනුස්සයෙක්ට පුලුවන් අනුන්ට හිංසාවක් පීඩාවක් නොකර, තමන්ට වෙන්න ඕන කෙනා වෙලා, තමන් ආදරේ කරන දේවල් කරන්න. ඒක හරිම පරිපූර්ණයි ❤️//
إظهار الكل...
❤‍🔥 12👍 5 5💘 1
Photo unavailable
😐 4👍 1😢 1
Photo unavailable
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අවම වශයෙන් සමරිසි LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා. තමා සමරිසි පුද්ගලයකු බවට අනාවරණය කළ පිරිමි තරගකරුවන් වාර්තාගත සංඛ්‍යාවක් මොවුන් අතර සිටීම විශේෂත්වයක්. 2021 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට, තමා LGBTQ පුද්ගලයෙකු බවට ප්‍රසිද්ධියේ පිළිගත් තරගකරුවන් අවම වශයෙන් 186 දෙනෙක් සහභාගි වුනා. එහෙත් මේ ලැයිස්තුව මුලින් ආරම්භ වී තිබුනේ පුද්ගලයන් 121 දෙනෙකුගෙන්. සමරිසි බවට ප්‍රසිද්ධියේ පිළිගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ලැයිස්තුව වෙනස් වුනා. එලෙසින් ම 2024 ලැයිස්තුව ද ඉදිරියේදී ඉහළ යාමට ඉඩ තිබෙන බව පැවසෙනවා. මේ වසරේදී, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයන්ගෙන් අවම වශයෙන් 18 දෙනෙක් තමා සමලිංගිකයන් බවට ප්‍රසිද්ධියේ අනාවරණය කළ පුද්ගලයන්. මේ ප්‍රජාව තරග කරන ප්‍රධාන ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන්නේ LGBTQ ක්‍රීඩකයන් අට දෙනෙකු සහභාගි වන අශ්වාරෝහක ක්‍රීඩාව. සමරිසි ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ වැඩි ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින්නේ කාන්තාවන්. එම සංඛ්‍යාව 120කට වැඩියි. පැරිස් තරග බිමට පිවිසෙන කණ්ඩායම් දෙකක අවම වශයෙන් අඩක් නියෝජනය කරන්නේ මේ ක්‍රීඩිකාවන්. අමෙරිකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 6 දෙනෙකු ම සමලිංගකයින් බවට ප්‍රසිද්ධියේ පිළිගෙන සිටින අය වන අතර ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් 18 දෙනාගෙන් අවම වශයෙන් 9 දෙනෙක් සමලිංගකයන් බවට අනාවරණය කළ අය. කාන්තාවන්ගේ සුපිරි මට්ටමේ ක්‍රීඩාවේදී දක්නට ලැබෙන සමරිසි ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව දෙස බලන විට, එය පිරිමි ක්‍රීඩා ක්ෂේත්‍රයට වඩා සාදරයෙන් පිළිගනු ලබන ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ බොහෝ කලක පටන්. ඒ, විශේෂයෙන් බටහිර සංස්කෘතියේ සුපිරි තලයේ ක්‍රීඩා තරග බිමේ තිබෙන කාන්තා ක්‍රීඩාවන්හි විශාල ප්‍රතිශතයක් LGBTQ වන බැවින්. කෙසේ වෙතත්, අතීතයේදී සමරිසි පුදගලයන් බවට ප්‍රසිද්ධියේ පිළිගනිමින් ඉදිරියට ඒමට අකමැති වන තත්ත්වයක් තිබූ පිරිමි ක්‍රීඩා ලෝකයේ දැන් ඔවුන් වැඩි ප්‍රමාණයක් විවෘතව ඉදිරියට එමින් සිටින ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කණ්ඩායම් සගයන් මේ ක්‍රීඩකයන් පිළිගැනීම ද පෙරට වඩා වැඩි වී තිබෙනවා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිටින ඉහළ ම පෙලේ සමරිසි ක්‍රීඩකයන් අතර එංගලන්ත කිමිදුම් ක්‍රීඩකTom Daley, ජවන ක්‍රීඩිකා Sha’Carri Richardson හා ලිංගභේදයක් නැති සංක්‍රාන්ති ලිංගික දිවිමේ ක්‍රීඩිකා නිකී හෙල්ට්ස් (Nikki Hiltz) සිටිනවා. පසුගිය මාසයේ පැවති අමෙරිකානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී හෙල්ට්ස් පැරිස් ඔලිම්පික් වරම් හිමිකර ගත්තේ කාන්තා මීටර් 1,500 ඉසව්වේ මෙතෙක් දෙවැනියට වේගවත්ම කාලය වාර්තා කරමින්. එම තරගයට පසුව 29 හැවිරිදි මේ ක්‍රීඩිකාව කියා සිටියේ තරග වාර්තාව පිහිටුවීමට එහා ගිය විශේෂත්වයක් එම තරගයේ තිබූ බව. “මෙය මට වඩා එහාට ගිය ලොකු දෙයක්...මට මේ තරගයේ දුවන්න ඔ්න වුනේ මගේ ප්‍රජාව වෙනුවෙන්. තරගයේ මගේ අන්තිම මීටර් සීයෙදී මාව අවසන් රේඛාවට ගෙන ආවේ LGBTQ ජනතාව. මට ඔබලාගේ ආදරය හා සහයෝගය දැනුනා” යනුවෙන් ඇය කියා සිටියා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ලිංගභේදයක් නැති සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ගෙන් අවම වශයෙන් තිදෙනෙකුගෙන් කෙනෙකි නිකී හෙල්ට්ස්. ඇය සමග එක්වන අනෙක් දෙදෙනා වන්නේ අමෙරිකා කාන්තා රග්බි ක්‍රීඩිකා Kris Thomas හා ඔලිම්පික් පදක්කමක් ලබා ගත් පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වෙමින් කැනඩාව ට ටෝකියෝ නුවරදී රන් පදක්කම දිනා ගැනීමට දායක වූ පාපන්දු ක්‍රීඩිකා Quinn. සමහර ක්‍රීඩාවන්හි කාන්තා අංශයේ තරග කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පනවා තිබෙන තහනම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන LGBTQ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව බවට සමහරු විශ්වාස කරනවා. සමරිසි තරගකරුවන්ගේ ලැයිස්තුවේ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබුනද, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිදුකර තිබෙන සමහර වෙනස්කම් නිසා LGBTQ තරගකරුවන් ගණන අඩු වී තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී LGBTQ ක්‍රීඩිකාවන් අට දෙනෙකු සිටි සැහැල්ලු පන්දු ක්‍රීඩාව පැරිස් ඔලිම්පික් උළෙලින් ඉවත් කිරීම මේ අඩු වීමට උදාහරණයක්. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විස්මිත අයුරින් සුදුසුකම් නොලැබූ ස්වීඩනයේ කාන්තා පාපන්දු කණ්ඩායම LGBTQ ක්‍රීඩිකාවන් හතර දෙනෙක් සමග ටෝකියෝ හි ක්‍රීඩා කළා. මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන සියළුම රටවල් අතරින් වඩාත්ම සමලිංගිකයින් ඇතුළත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන්නේ කාන්තා පාපන්දුව. සමරිසි පුද්ගලයන් බවට ප්‍රසිද්ධියේ පිළිගත් ක්‍රීඩිකාවන් අට දෙනෙක් බ්‍රසීල කණ්ඩායමේ සිටින අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම සතුව නව දෙනෙක් සිටින්නේ එදා මෙදා තුර ඔලිම්පික් කණ්ඩායමක සිටි වැඩිම LGBTQ පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වෙමින්.
إظهار الكل...
5👍 3🥰 1
363, මින්මතු ව්‍යතිරේකයෙන් දැක්වෙන අවස්ථාවේ දී හැර පහත සඳහන් වන පස් වැදෑරුම් අවස්ථා වලින් යමකට වැටෙන පරිදි මිනිසකු ස්ත්‍රියක සමග ලිංගික සංසර්ගය ඇති වූ විට, ඔහු " ස්ත්‍රී දූෂණය " කළ ලෙස සලකනු ලැබේ. පළමු වනුව- ඇගේ කැමැත්තට විරුද්ධ ව. දෙවනුව - ඇගේ කැමැත්ත නොමැති ව. තුන් වනුව - මරණය හෝ තුවාළ කිරීම පිළිබඳ හයකට ඇය පමුණුවා ඉන් පසු ගනු ලැබූ කැමැත්ත ඇති ව. සතර වනුව - තමා ඇගේ ස්වාමිපුරුෂයා නොවන බව ද, තමා ඇය හා නීත්‍යනුකූලව විවාහ වූ නැතහොත් විවාහ වූ ලෙස විශ්වාස කරනු ලැබූ වෙනත් පුරුෂයෙකු බව ඈ විශ්වාස කළ නිසා ඇගේ කැමැත්ත දුන් බව ද, පුරුෂයා දන්නා වූ අවස්ථාවක දී ඇගේ කැමැත්ත ඇති ව. පස් වනුව - ඇගේ වයස අවුරුදු දහසයට අඩු වූ විට, ඇගේ කැමැත්ත ඇති ට හෝ නැති ව. පැහැදිලි කිරීම. - ස්ත්‍රී දූෂණය කිරීමේ වරදට අවශ්‍ය ලිංගික සංසර්ගය ඇති කිරීමට, ප්‍රවේශය ප්‍රමාණවත් වේ. ව්‍යතිරේකය - භාර්යාවගේ වයස අවුරුදු දහසයට අඩු නො වූ විටක, තම භාර්යාව සමග පුරුෂයකු විසින් ලිංගික සංසර්ගයෙහි යෙදීම ස්ත්‍රී දූෂණය කිරීමක් නොවේ. 364, ස්ත්‍රී දූෂණය කරන තැනැත්තකුට අවුරුදු විස්ස දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු ය. ඔහු දඩයකට ද යටත් විය යුතු ය. බාල ගැහැණු ළමයින් සමග කාමුක සංසර්ගය 364 අ. (1) වයස අවුරුදු දොලහා හෝ ඊට වැඩි වූ හා වයස අවුරුදු දහසයට අඩු වූ යම් ගැහැණු ළමයකු සමඟ කාමුක සංසර්ගයෙහි යෙදෙන හෝ යෙදීමට තැත් කරන තැනැත්තකු වරදකට වරදකාරයකු විය යුතු ය. ඔහුට අවුරුදු දෙකකට වැඩි නොවන ක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකි කළ යුතු ය. එයට අතිරේකව. ඔහුට කස පහර දීමකින් ද ද හැකි ය. මෙම නීති සමරිසි පුද්ගලයන්ටද අදාලවන ලෙස වෙනස් කල යුතුය. ඒ අනුව සමරිසි පුද්ගලයන්  අතින්ද වැරදි විය හැකි අතර එය විශේෂ කර නොසැලකිය යුතුය. එය විශමරිසි පුද්ගලයන් අතින්ද සිදුවන පොදු වැරැද්දකි. එවැනි වැරදි වලින් මිදීමටනම් සාරධර්මයන් , සදාචාරයන් ප්‍රගුන කල යුතුය. නමුත් ඕනෑම පුද්ගලයකු අතින් වැරදි සිදුවිය හැක. නමුත්  ප්‍රජාවක්ම එකම වරදකට කොටු කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමකි #  බුදුදහම හා සමරිසිභාවය බුදුදහම සියලු ආකාරයේ ලිංගික හැසිරීම් සසර ගමන දිගු කරන ක්‍රියාවන් ලෙස සලකනවා මිස, LGBTQ ගණයේ ලිංගික හැසිරීම් අන් ලිංගික හැසිරීම් වලින් වෙන්ව නොසලකයි. LGBTQ ගණයට අයිතිවෙන ලිංගික චර්යාවන්, කාමමිත්‍යාචාර ගණයට අයිතිවන්නේ යැයි බුදුදහමේ කොතැනක හෝ සඳහන්ව නැත” කාමමිත්‍යාචාරය සමරිසියන් අතින් පමනක් නොව විශමරිසියන් අතින්ද කඩවේ. එහි කර්මයන් ඔවුනොවුන්ට පෞද්ගලික විදින්නට සිදුවේ. නමුත් සමස්ත ප්‍රජාව අතින්ම එසේ එක කාමමිත්‍යාචාර ශික්ශාපදය කඩවෙන්නේ නැත. තම සැමියා හෝ බිරිඳ සමග විතරක්ම ලිංගික සම්බන්ධතා පවත්වන සමරිසි පුද්ගලයක් ඕනෑ තරම් ඇත. එම නිසා මෙම සෑම මතයක්ම සමරිසි ප්‍රජාව අපහසුතාවයට පත්කිරීමට , ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට ගන්නා වෑයමක් ලෙස මා දකිමි. බුදු දහමට අනුව තවත් පුද්ගලයකුට අකුල්හෙලීම, නිදහසට බාධා කිරීමද පාපකර්මයක් වන අතර ඊට අදාල කර්මයන් ඔබට නිතැතින්ම ගෙවාදැමීමට සිදුවේ යැයි මා දැඩිව විශ්වාස කරමි. එමනිසා කිසිම පුද්ගයකුව හේතුවක් නොමැතිව විවේචනයට , අපහසුතාවයට පත් නොකරන්න. අපි සැවොම මනුශ්‍යයෝ වෙමු. මම කෙවින් 🖋️ ( LLB (LAW) undergraduate.)
إظهار الكل...
7👍 2🥰 2
# සමරිසි සමාජභාවය හා නෛතික පසුබිම. මේ දිනවල වැඩිපුර කතාවෙන මේ සමරිසි , සමසෙනේ , සමලිංගිකත්වය යන වචනවල ගැබ්වී ඇති ප්‍රත්‍යක්ෂ අර්ථය මොකක්ද? මේ පිලිබදව අවධානය යොමු කිරීමේදී පලමුවෙන්ම මේ වචනවල අර්ථය ගැන අවබෝධයක් තිබිය යුතුය. #  සමරිසි ආදරය/ සමසෙනේ - මේ වචනයේ අර්ථයගත් විට කියවෙන්නේ එකම ලිංගික කාණ්ඩයට අයත් පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් ගැනයි. එනම් ස්ත්‍රීන් දෙදෙනෙක් හෝ පුරුෂයන් දෙදෙනෙක් අතර ඇතිව සම්බන්ධයන් වේ. නිදසුන්-  lesbian , gay # සමලිංගික සබඳතා මින්  අදහස් කරන්නේ සමරිසි පුද්ගලයන් පිලිබදව  ඇතිවෙන ලිංගික ආකර්ශනය සමග ගොඩනැගෙන සම්බන්ධයන්‍ ය. මා දකිනා පරිදි සමරිසිභාවය පිලිබදව හුදෙක් ගැටලුකාරී තත්වයක් ගොඩනැගෙන්නේ මෙම වචනය නිසාය   සාමාන්‍ය විදියට සබඳතාවක්  ගොඩනැගෙන ආකාර කිහිපයක් ඇත. ඒවානම් , 1. ලිංගික ආකර්ශනය මත පදනම්ව 2.  ආදරය මත පදනම්ව 3. ආදරය හා ලිංගිකත්වය මත පදනම්ව මෙය සාමාන්‍ය තත්වයක් වන අතර සමරිසි පුද්ගලයන් අතරද සබඳතා ගොඩනැගෙන්නේ ඉහත ආකාරයටමය. එම නිසා මේ සබඳතා  කිසිදු විකෘතියක් හෝ මානසික රෝගයක් ලෙස ලගුකල නොහැක. #  ශ්‍රීලංකාවේ නීතියට අනුව සමරිසි පුද්ගලයන්ගේ පැවැත්ම. පලමුවෙන්ම සිහිපත් කල යුතු කාරනය වන්නේ ඕනෑම රටක මනුශ්‍යයකු වශයෙන උපදින ඕනෑම ජීවියකුටම උපතේදීම මානව අයිතිවාසිකම් ලෙස අයිතිවාසිකමක් නිතැතින්ම හිමිවෙනවා. ඒ අනුව අපි හැමෝටම ජීවත්වීමේ අයිතිය, සමානාත්මතාව, වගේ මූලික අයිතිවාසිකම් ගනනාවක්ම හිමිවෙනවා. මෙය තවදුරත් ශක්තිමත් කරමින් ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයෙන් මූලික අයිතිවාසිකම් ගනනාවක් නීතිගත කර ඇත. ඊට අනුකූලව , 10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. 11, කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය. 12, (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය. (2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය. මේ වගන්ති දෙස බැලීමේදී සමරිසි පුද්ගලයන් වන අපිට නීතිමය ආරක්ෂාව අනිවාර්යයෙන්ම තිබියයුතුය. නමුත් මේ මොහොත වන තුරුම අපේ අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇත. එනම් අපගේ මූලික අයිතිවාසිකම් සෘජුවම කඩවී ඇත. ඊට හේතුවී ඇත්තේ අපේ රට තුල පිලිගන්නා වෙනත් ව්‍යවස්ථා කිහිපයකින් මේ ආකාරයේ සම්බන්ධතා ව් ස්වාභාවික නොවන සම්බන්ධතා ලෙස පිලිගැනීම නිසාය, ඒ මොනවාද කියා අපි සොයා බලමු, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365 (අ) වගන්තිවලට අනුව “ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය” සාපරාධී වරදකි. ඒවා “තදබල අශෝභන ක්‍රියා” ලෙස හඳුන්වනු ලබයි. එම වගන්තියෙන් යොදාගෙන ඇති පදවලට දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලි නිර්වචනයක් ලබා දී නොතිබුණද එකඟතාව මත ඇතිවන ලිංගික සබඳතාද සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම යොදාගෙන ඇත. මෙවැනි අපරාධයකට වරදකරු වන පුද්ගලයකු වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකිය. දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තිය හරහා “ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම” සාපරාධීකරණය කරනු ලබන අතර මෙය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට එරෙහිව නිතර භාවිත කරනු ලබන්නේ ජනතාව නොමඟ යැවීමේ චෝදනාවට එරෙහිව නඩු පැවරීමේ කටයුතුවලදීය. මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්මත හා නොගැළපෙන බාහිර පෙනුම ඇති පුද්ගලයින් බිය වැද්දීම ඔවුන්ගෙන් කප්පම් ගැනීම, රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සඳහා පාදඩ ආඥා පනතේ (1842) අයාලේ හැසිරීමට අදාළ විධිවිධානද බොහෝ විට යොදාගෙන තිබේ. ඉහත වගන්ති වලට අනුව , සමරිසි සබඳතා , සතුන් සමග සිදුකර ලිංගික ක්‍රියාවන්, සංක්‍රාන්තිය ලිංගිකයන් නිතර්කයෙන්ම වැරදිකරුවන් වේ.  සාධාරණ සැකයෙන් ඔබ්බට මෙම තත්වයන් ඔප්පු වුවහොත් ලාංකේය නීතියට අනුව ඔවුන් වැරදිකරුවන් වේ. # සමරිසි සබඳතා තුල පිලිගත හැකි වැරදි තිබිය හැකිද ? ඔව් පුලුවන්. එය සමරිසි පුද්ගලයන්ට පමනක් නොවෙයි විශමරිසි පුද්ගලයන්ටත් අදාල පොදු  ක්‍රියාවන් ය. ඒ සදහා දණ්ඩනීති සංග්‍රහයේ පහත නීති බලාත්මක විය යුතුය. 345, ස්ත්‍රියකගේ හිරි ඔතප් බිඳීමේ අදහසින් හෝ එයින් ඇයගේ  හිරි ඔතප් බිඳීම වීමට ඉඩ ඇති බව දනිමින් යමකු ස්ත්‍රියකට අඩන්තේට්ටම් කරතොත්, හෝ සාපරාධි බලහත්කාරය පාතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතු ය. තවද අතිරේකව, ඔහුට කස පහර දීමකින් දඬුවම් කළ හැකිය.
إظهار الكل...
👍 1 1
Photo unavailable
සැලකීමට බඳුන්කළ යුතු කරුණ වන්නේ, ඇතැම් බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම්වල සහාය ද මෙම ව්‍යාපාරය වෙත ලබා ගැනීමට ඔවුන් සමත් වීමයි. මෙමඟින්, මෙවන් ඉවැන්ජලික කණ්ඩායම්වල සැබෑ සංවර්තිත අභිලාෂයන් පිළිබඳ ඔවුන් තුළ පවතින දැනුවත්භාවයේ මඳකමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඔවුන් සමත්ව තිබේ.  රෝමානු කතෝලික සභාව සමරිසි (LGBT+)-විරෝධී වෛරී ව්‍යාපාරවලට විරුද්ධයි  මෙවන් ඉවැන්ජලික කණ්ඩායම් සහ රෝමානු කතෝලික සභාව අතර පවතින වෙනස පහදා දීම අත්‍යාවශ්‍යයි. සමරිසි (LGBT+) පුද්ගලයන් අපරාධකරුවන් කරනු ලබන නීති අයුක්ති සහගත බව පෙන්වා දෙමින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම වෙනුවෙන් ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නිරන්තරයෙන් හඬ අවදිකර තිබේ. සමරිසි (LGBT+) පුද්ගලයන් පිළිගත යුතු බවත් ඔවුනට එරෙහිව වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.    මෑත දින නිකුත්කළ නිවේදනයක් ඔස්සේ, “සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් දෙවියන් වහන්සේගේ දරුවන් ය. දෙවියන් වහන්සේ ඔවුනට ආදරය කරයි. මෙවන් පුද්ගලයකු නොසළකා හැරීම පාපයකි. සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම අයුක්තිසහගතයි,” යනුවෙන් ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළහ (Persons with homosexual tendencies are children of God. God loves them. Condemning a person like this is a sin. Criminalising people with homosexual tendencies is an injustice). මෙම සානුකම්පිත ස්ථාවරය, රෝමානු කතෝලික සභාව, වෛරය සහ බිය බඳවා ගැනීමේ උපාංගයක් ලෙස භාවිතා කරන වඩාත් අන්තවාදී ඉවැන්ජලික කණ්ඩායම්වලින් වෙන්කොට තබන බව සඳහන්කළ යුතු ය. සමාජීය බලපෑම මෙම කලහකාරී, පුද්ගලයන් අන්‍යාගම් වෙත හරවා ගන්නා ඉවැන්ජලික කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උරුමයට තර්ජනයක් වනවා පමණක් නොව ආගමික ගැටුම් ඇති කිරීමේ අවදානමක් ද නිර්මාණය කර ඇති බව සඳහන්කළ යුතු ය. මෙවන් ක්‍රියාකාරකම් තුළින් විවිධ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන් අතර නොසන්සුන්තාවයක් ඇති කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ පවතින ආගමික සංහිඳියාවේ ඓතිහාසික සන්දර්භය අවදානමේ හෙළා ඇත. තව ද, සමරිසි (LGBT+)-විරෝධී මතවාදයන් ප්‍රචාරණය කිරීම තුළින් සමාජීය ප්‍රගතිය සහ මානව හිමිකම් හෑල්ලුවට ලක්කරන අතර, එමඟින් වෙනස්කොට සැලකීම සහ නොඉවසීම ප්‍රවර්ධනය වේ.  ඇමරිකානු අරමුදල් මත යැපෙන ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවන් ක්‍රියාකාරකම් රජයේ අවධානයට යොමු නොවීම තුළින් රටේ ආගමික සංහිඳියාවට මෙන්ම කාන්තාවන් හා සමරිසි (LGBT+) ප්‍රජාව වැනි ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් කෙරේ විශාල තර්ජනයක් ඇතිකළ හැකි ය. පුද්ගලයකුගේ ආගම, වර්ගය, සමාජභාවය හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද, සියලු දෙනාට ගරුකරන ඇතුළත්භාවයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම ජාතියේ දිගු-කාලීන ස්ථායීතාව සහ ප්‍රගතිය කෙරේ අතිශයින්ම වැදගත් ය.   
إظهار الكل...
4👍 3❤‍🔥 1
ඇමරිකානු අරමුදල් මත යැපෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ සමාජ එකමුතුභාවය විස්ථායී-කොට වැඩසටහන ප්‍රතිසංස්කරණය කරනවා ද?   ආගමික සංවර්තිතය උදෙසා පුද්ගලයන් බඳවා ගැනීම අරමුණුකොට ගත් ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් විසින් කාන්තාවන් සහ සමරිසි (LGBT+) පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක් රැගෙන යන බව වාර්තා වේ.  මෙම වෛරී ව්‍යාපාරයට කතෝලික සභාව විරෝධය ප්‍රකාශ කරයි. සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණයට ලක්කරන නීති “පාපතර” බව ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ප්‍රකාශ කර ඇත.   මෑත මාස කිහිපය තුළ, ඇමරිකානු අරමුදල් මත යැපෙන ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින්, මෙරට ආගමික සහ සමාජීය සංහිඳියාවට බරපතල අන්දමින් තර්ජනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාකාරකම් ආරම්භකොට ඇත.    ඇමරිකානු ආධාරක ඉවැන්ජලික ක්‍රිස්තියානුවන්ගේ මූල්‍ය ආධාර යහමින් ලැබෙන මෙම කණ්ඩායම්, ආගම තම වාසියට හරවා ගනු ලබන ආගමික සංවර්තිතයක් උදෙසා පුද්ගලයන් බඳවා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති අතර, මොවුන් විසින් එකී ක්‍රියාකාරකම් දියත් කරනු ලබන්නේ විශේෂයෙන්ම කතෝලික, බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ය.  මෑතකාලීනව, මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) ප්‍රජාව සහ කාන්තාවන්ගේ ප්‍රජනන හා සෞඛ්‍ය අයිතිවාසිකම්වලට එරෙහිව සාවද්‍ය තොරතුරු සහ කතාන්දර ප්‍රචාරණය කරන ව්‍යාපාරයක් දියත් කිරීමට යොමුව තිබේ. මෙම උපායමාර්ග ඔවුන් විසින් දියත් කරනු ලබන්නේ, විශේෂයෙන්ම එවන් ප්‍රජාවන්ගේ ගැටළු පිළිබඳ අවබෝධයක් නොමැති අනෙකුත් ආගම්වල පුද්ගලයන්ගේ අවධානය දිනා ගැනීම සඳහාවන අතර, ඒ තුළින් ජන මතය මුළා කොට ආගමික සංවර්තිත අභිලාෂයන් කෙරේ පුද්ගලයන් බඳවා ගැනීමේ අලෙවිකරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට මෙකී කණ්ඩායම් විසින් කටයුතු කර තිබේ.  උපායමාර්ග සහ ක්‍රමවේද    මෙහි නවතම ව්‍යාපාරය දියත්කොට තිබෙන්නේ අගේප් (Agape) දේවගැති-ධුරයේ පාස්ටර් ෂානුක එලංගසේකර නැමැති තැනැත්තාගේ නායකත්වයෙනි. අගේප් හි මූලාරම්භය පවතින්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ය. සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා, මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) නමින් ආගමික සංවර්තිතය උදෙසා පුද්ගලයන් බඳවා ගන්නා ව්‍යාපාරයක් ඔහු විසින් නිර්මාණය කර තිබේ.   දකුණු මව්වරුන්ගේ පෙරමුණේ රැස්වීම. ඡායාරූපය: Stephen Champion (බොහෝ විට 1991) මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) විසින් අනුකරණය කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ පළමු විවෘත සමරිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම අමාත්‍යවරයා වූ දිවංගත මංගල සමරවීරගේ ප්‍රචාරණ උපායමාර්ගයි. සමරවීරගේ මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Front), 1980 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල ආරම්භ වූ සමයේ, ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් ව්‍යාපාරයක නිරත වූයේය. ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනිමින්, එලංගසේකරගේ මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) ආගමික සංවර්තිතය උදෙසා සිය ආගම වෙත පුද්ගලයන් බඳවා ගැනීමේ අරමුණින් වෛරී සහගත හා සාවද්‍ය ප්‍රචාරණයන් දියත් කරමින් සිටියි.    ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික කණ්ඩායම්, ආගමික සංවර්තිතය උදෙසා බහුවිධ ප්‍රවේශ ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලති. මොවුහු බොහෝ විට අධ්‍යාපනය, යහපත් සෞඛ්‍යය, සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලවල් දියත් කරන පුණ්‍යායතන මුවාවෙන් සිය සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරති. මේ අන්දමින් ජනතාව මුලා කරන උපායමාර්ග අනුගමනය කරන මෙම කණ්ඩායම්, තම ආගමික සංවර්තිත අභිලාෂයන් සඳහා පුද්ගලයන් යොමුකරවීමට ප්‍රථම එමඟින් ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සිදුකරති.  සමරිසි (LGBT+)-විරෝධී කතාන්දර ප්‍රචාරණය   සංවර්තිත ප්‍රයද්නයන්ට සමඟාමීව, මෙම ඉවැන්ජලික කණ්ඩායම් සමරිසි (LGBT+) විරෝධී කතාන්දර ප්‍රචාරණය කිරීම කෙර් ද යොමුවෙති. සමරිසි (LGBT+) අයිතිවාසිකම්වලට එරෙහිව සටන් වැදීම සහ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් කෙරේ බිය ඉපදවීම, සහ ඒ ඔස්සේ ආගමික සංවර්තිතය ප්‍රවර්ධනය කොට සිය ක්‍රිස්තියානි සන්නාමය වෙත පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ලොව විවිධ රටවල දක්නට ලැබෙන, ඇමරිකානු ආගමික සංවිධාන විසින් මිලියන ගණනින් මුදල් ආයෝජනය කරනු ලබන දැවැන්ත ගෝලීය න්‍යාය පත්‍රයක එක් කොටසක් ලෙස මෙම ව්‍යාපාරය සැලකිය හැකි ය. උදාහරණයක් ලෙස, අහිංසක සමරිසි (LGBT+) පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැනවීම සඳහා උගන්ඩාවේ සම්මතකළ නීති සම්පාදනය සඳහා සහාය වීමට ද මෙවන් කණ්ඩායම් කටයුතු කළහ. මෑතකාලීනව, ශ්‍රී ලංකාවේ සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා ඉදිරිපත්කළ පනත් කෙටුම්පතට විරෝධය පාමින් ඊට එරෙහිව විරෝධතා සංවිධානය කිරීම සඳහා මෙම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව තුළ සිය සංවර්තිත ප්‍රයද්නයන් උත්සන්නකොට තිබේ. සමරිසි (LGBT+) ප්‍රජාවට එරෙහිව සාවද්‍ය චෝදනා එල්ලකරන ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරමින්, ජනතාව මුලාකරන ව්‍යාජ ව්‍යාපාරයක් මොවුන් විසින් සංවිධානය කර තිබේ.
إظهار الكل...
2👍 1
Repost from N/a
Photo unavailable
සංස්කාරක (LGBTIQ) ජූලි 22, කොළඹ (LNW): ඉකුත් වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද, වැඩිහිටියන් අතර සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සැලකිල්ලට ගනිමින් පවතින මේ අවස්ථාවේ එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ නිගමනය (special determination) පවා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් විසින් අද (22) දින කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇති බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. ආගමික සංවර්තිතය (religious conversion) උදෙසා පුද්ගලයන් බඳවා ගැනීම අරමුණුකොට ගත් මෙම ඉවැන්ජලික කණ්ඩායම, කාන්තාවන් සහ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක් රැගෙන යන අතර, මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ එවන් වෛරී ව්‍යාපාරවලට කතෝලික සභාවේ ද විරෝධය එල්ල වී තිබෙන පසුබිමක වීම සඳහන්කළ යුතු ය. මෙම ඉවැන්ජලික කණ්ඩායමට මූල්‍යාධාර සැපයෙන්නේ සමරිසි අයිතිවාසිකම්වලට විරෝධී ඇමරිකානු ඉවැන්ජලික ජාලයක් විසින් බව ද ක්‍රියාකරුවෙක් LNW වෙත පැවසුවේ ය. ගතවූ කාලසීමාව තුළ, ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින්, මෙරට ආගමික සහ සමාජීය සංහිඳියාවට බරපතල අන්දමින් තර්ජනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාකාරකම් ආරම්භකොට ඇති බවක් නිරීක්ෂණයකළ හැකි අතර, මොවුන්ගේ මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ බැඳි ප්‍රඥප්ති උල්ලංඝනය කරමින් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ද අභියෝගයට ලක්කරමීනි.
إظهار الكل...
2👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.