cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Sinhala News 🇱🇰

ශ්‍රී ලාංකික ටෙලිග්‍රෑම් පරිශීලකයින්ට එසැණින් පුවත් දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. https://t.me/s/sinhala_news_1 This service is powered by hirunews.lk Made by @JaguarBots

Show more
Advertising posts
237
Subscribers
+124 hours
+37 days
+130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
📮 දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Show all...
✍️ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට (45) මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 📅 Friday, 20 September 2024 - 8:09 🇱🇰 Powered by hirunews.lk
Show all...
✍️ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල සහ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අවට මාර්ගවල රථවාහන තදබදයක් ඇති බව පොලිසිය සඳහන් කරනවා.රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ හිඟය ද මෙයට හේතු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.එමෙන්ම පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට පැමිණ සිටින පාරිභෝගිකයන්ගේ වැඩිවීමක් නිසා ද මෙසේ ඒ අවට මාර්ගවල තදබදයට හේතු වී තිබෙනවා. 📅 Friday, 20 September 2024 - 7:56 🇱🇰 Powered by hirunews.lk
Show all...
Photo unavailableShow in Telegram
📮 පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල සහ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අවට රථවාහන තදබදයක්
Show all...
✍️ ඝාතනයකට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) මිදිගම, දිගරැද්ද හා හාත පැලෑන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිදිගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ (19) මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 30 වයස්වල පසුවන කෝට්ටේ හා අඟුළුගහ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.එක් සැකකරුවෙකු වෙඩික්කරුවන්ට රැඳී සිටීමට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන්ද අනෙක් සැකකරු වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයෙන් රැගෙන යාම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 📅 Friday, 20 September 2024 - 7:38 🇱🇰 Powered by hirunews.lk
Show all...
Photo unavailableShow in Telegram
📮 මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Show all...
✍️ පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය සඳහන් කළේ අදාළ මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණිමේදී ඊයේ (19) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය වැඩිදුරටත් කියා සිටියා. 📅 Friday, 20 September 2024 - 6:53 🇱🇰 Powered by hirunews.lk
Show all...
Photo unavailableShow in Telegram
📮 රුපියල් ලක්ෂ 108 කට වැඩි මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.