cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

කතාව කෙටියෙන්💁‍♂️

🚩 Channel was restricted by Telegram

Show more
Advertising posts
4 468
Subscribers
-524 hours
-387 days
-18330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

යාලා හැමෝම ඉතින් ගාෆීල්ඩ්ව දන්නවනේ නොදන්න කෙනෙක් ඉන්න බෑ. මං හිතන්නේ සිරසේ තාමත් කාටූන් එක යනවා. චිත්‍රපටිය අයත්වෙන්නේ Family/Comedy කාණ්ඩයට සහ පැය 1 මිනි: 41ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mark Dindal විසින්. Sony ආයතනයෙන් බෙදාහැරීම කරන අතර ලොව වටා මිලියන 240කට ආසන්න ඉහල බොක්සොෆිස් ආදායමක් ගන්න සමත්වුණා. හඬ දායකත්වය ලබාදෙන්නේ ප්‍රසිද්ධ පිරිසකගේ එකතුවෙන්. Chris Pratt, Samuel L. Jackson, Snoop Dogg, Nicholas Hoult, Ving Rhames, Hannah Waddingham ඒ අතර ඉන්නවා. ප්‍රධාන චරිත කිහිපය, මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්. චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ. https://t.me/c/1253701076/6967
Show all...
2
Prohibited content
☘️ The Garfield Movie (2024) | කිරි හොරකම
Show all...
1
දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Planet of the Apes චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය, Kingdom of the Planet of the Apes (2024). ඔරිජිනල් Planet of the Apes චිත්‍රපට මාලාව ආරම්භ වෙන්නේ 1968 අවුරුද්දේදී. ඔරිජිනල් සීරිස් එකට චිත්‍රපටි 5ක් අයිති වෙනවා. නම් වශයෙන් කීවොත්, 1. Planet of the Apes (1968) 2. Beneath the Planet of the Apes (1970) 3. Escape from the Planet of the Apes (1971) 4. Conquest of the Planet of the Apes (1972) 5. Battle for the Planet of the Apes (1973) අවුරුදු වලින් බැලුවාම ඔයාලට පේනවා ඇති අවුරුද්දෙන් අවුරුද්ද එක දිගට මේ චිත්‍රපටි 5 නිකුත්වෙනවා. ඒ වගේම ඒ කාලයේදී සෑහෙන ජනප්‍රියත්වයක් වගේම ආදායම් අතින් ඉහළ ලබාගන්න සමත්වෙනවා. ඒ සාර්ථකත්වය නිසාම 1974දී ලයිව්-ඇක්ෂන් ටෙලිවිෂන් සීරිස් එකක් සහ 1975දී ඇනිමේෂන් සීරිස් එකක්ද නිර්මාණය වෙනවා. ඊටපස්සේ අවුරුදු 28කට පස්සේ, ඒ කියන්නේ 2001 අවුරුද්දේදී ආපහු Planet of the Apes චිත්‍රපටියක් නිර්මාණය වෙනවා. ඒ රීමේක් එකක් විදිහට, Planet of the Apes නමින්ම. ආදායම් අතින් සාර්ථක වුණත් කතාව තුළ තිබුණ ව්‍යාකූලත්වයට සහ අවසානය ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න ගත්තා. මේ හේතු නිසා අන්තිමට FOX ආයතනය තීරණය කරනවා මේ රීමේක් සීරිස් එක නතර කරලා දාන්න. ඔන්න දැන් තමයි අපි දන්න අපි වැඩියෙන්ම ආස කරන Planet of the Apes චිත්‍රපටි මාලාව ආරම්භ වෙන්නේ. ඒ ඔරිජිනල් සිරීස් එකේ රීබූට් එකක් විදිහට. ඊටපස්සේ 2011 ඉඳලා පිළිවෙළින්, 1. Rise of the Planet of the Apes (2011) 2. Dawn of the Planet of the Apes (2014) 3. War for the Planet of the Apes (2017) චිත්‍රපටි 3 නිකුත්වුණා. 2019දී ඩිස්නි ආයතනය FOX හි හිමිකාරිත්වය ලබාගැනීමත් එක්ක සීරිස් එක තවදුරටත් නිර්මාණය කරනවා කියලා නිවේදනය කළා. සඳහන් වෙන විදිහට චිත්‍රපට 9ක් දක්වා ගෙනියන්න තමයි එයාලගේ බලාපොරොත්තුව.එතකොට මේ අද නිකුත්වුණ Kingdom of the Planet of the Apes (2024) කියන්නේ රීබූට් සිරීස් එකේ 4වෙනි ෆිල්ම් එක. හරි දැන් වටපිටාව සුද්දයිනේ. අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Wes Ball සහ රචනය Josh Friedman. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Owen Teague, Freya Allan, Kevin Durand, Peter Macon, William H. Macy ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්. මේ කතාව වෙනකොට යුද්ධය ඇතිවෙලා (2017 චිත්‍රපටිය) අවුරුදු 300ක කාලයක් ගතවෙලා. ඒ කියන්නේ සීසර්ගේ කාලයේ ඉදලා සෑහෙන කාලයක් මේ වෙනකොට ගතවෙලා. අපි දන්න චරිත කිසිම එකක් දැන් ජීවතුන් අතර නෑ. ඒ වගේම ජනාකීර්ණ වෙලා තිබ්බ නගර දැන් සම්පූර්ණයෙන්ම කැළෑ බවට පත්වෙලා. විවිධ විවිධ තැන්වල ගෝත්‍ර විදිහට දැන් වානරයෝ ජනාවාස වෙලා. දැන් ජීවත්වෙන කිසිම වානරයෙක් දන්නේ නෑ “සීසර්” කියන්නේ කවුද, මොනවා කරපු කෙනෙක්ද කියලා. අඩුම නමවත් අහලා නෑ. විශේෂම කාරණය වෙන්නේ, අතීතය නොදන්න මේ වානරයෝ හිතන්නේ පෘථිවියේ ප්‍රමුඛ ජීවින් කොට්ඨාසය වානරයෝ මිනිස්සු කියන්නේ බුද්ධිය අඩු කතා කරන්න බැරි සත්තු ජාතියක් කියලා. මොකද දැන් මිනිස්සු දකින්න නෑ වගේම මිනිස්සු කරපු දේවල් දැකලා නෑ. චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ නෝවා කියලා තරුණ වානරයෙක් වටා. රාජලියෝ ඇති කරන ගෝත්‍රයක තමයි ජීවත්වෙන්නේ. නිදහසේ සාමකාමීව ජීවත්වුණ මේ පිරිසට එකපාරටම ලොකු කරදයකට මූණදෙන්න සිද්ධවෙනවා. ඒ සීසර්ගේ නම පාවිච්චි කරලා දරුණු වානරයෝ පිරිසක් ගමට පහරදීලා හිරකාරයෝ විදිහට අල්ලාගෙන යනවා. තමන්ගේ අම්මා ඇතුලු පිරිස හොයන්න පිටත්වෙන නෝවාට රාකා කියලා ඔරංඔටන් කෙනෙක් සහ මේ කියලා ගෑණු ළමයෙක් ගමනට එකතුවෙනවා. මේවා එකපාරටම වුණ සිද්ධි නෙවෙයි හුගාක් දේවල් වෙලා තමයි මේ තුන්දෙනා එකතුවෙන්නේ. ඉතින් ඊටපස්සේ මොකක් වෙන්න ඇද්ද, නෝවා තමන්ගේ අයව බේරගත්තද, මේ කියන ගෑණු ළමයා කවුද, සීසර් කියලා හැඳුන්නුවේ කාවද, වගේ දේවල් වලට උත්තර හොයාගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ, ආයෙත් මිනිස්සුයි වානරයෝයි එකට ජීවත්වෙයිද කියලා. https://t.me/c/1253701076/6965
Show all...
👍 6 2
Prohibited content
☘️ Kingdom of the Planet of the Apes (2024) | සීසර්ගේ නාමයෙන්
Show all...
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය බලාගෙන ඉදපු රාජ්කුමාර් රාඕගෙ ශ්‍රීකාන්ත් ෆිල්ම් එක.. මේකට හැම අතින්ම හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා..ඒ වගේම ඉන්දියාවෙ ශ්‍රීකාන්ත් කියන පුද්ගලයගෙ ජීවිත කතාව පදනම් කරගෙන හදපු බයෝපික් එකක් තමයි මේ ෆිල්ම් එක ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ශ්‍රීකාන්ත් කියන්නෙ ඇස් පේන්නෙ නැති තරුණයෙක්..මෙයාට පොඩි කාලෙ ඉදලම ඒ නිසා ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා.. මේ නිසාම මෙයා හිතාගන්නවා මට පැනලා යන්න බෑ..සටන් කරන්න විතරයි පුලුවන් කියලා.. ඉතින් මෙහෙම පටන්ගන්න ශ්‍රීකාන්ත්ගෙ ගමනාන්තය කොහෙන් නවතියිද..මේ ගැන දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..ගොඩක්ම ආදර්ශමත් පවුලෙ හැමෝටම බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්.. වෙනදා වගේම මම ලිපියෙ ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.. https://t.me/c/1253701076/6964
Show all...
🔥 1
Prohibited content
☘️ Srikanth (2024) | ශ්‍රීකාන්ත්
Show all...
තින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අපිට මේකෙදි කතාවට සම්භන්ධ චරිත කීපයක්ම දැක බලාගන්න පුලුවන්..එතනින් ප්‍රධානම කෙනෙක් තමයි ස්වාතී ශර්මා කියන්නෙ..ස්වාති කියන්නෙ පාසලේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.. මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පීරියඩ් එහෙමත් නැත්නම් ඔසප් වීම වෙන්නෙ නැති එක..ඉතින් මෙයා මේ දේ වෙනකන් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නෙ..ඒත් මේක වෙන්න ගොඩක් පරක්කු වෙනකොට මෙයා හිතන්න ගන්නවා මෙයා අනිත් අය වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලත්.. ඉතින් ඔය වගේම තවත් කතාවට සම්භන්ධ කීපදෙනෙක්ම ඉන්නවා..එයාලටත් ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා..මම එකින් එක හැමෝම ගැන කියන්න යන්නෙ නෑ ලිපිය දිග් වෙන නිසා.. ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.. https://t.me/c/1253701076/6963
Show all...
🥰 1
Prohibited content
☘️ Sharmajee Ki Beti (2023) | ස්වාතී ශර්මා
Show all...
ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන කරුණු කාරනානම් ගණනාවක්ම තියෙනවා.එකක් තමයි මෙය ලාංකීය අපේ ජනතාවටත් යම් ආකාරයකින් බොහොම කිට්ටු කථා පුවතක් රැගත් සිනමා නිර්මාණයක් වීම.අනෙක් අතින් මේක ඉංග්‍රීසි නොවන විදේශ භාෂිත සිනමාපටයක් වීම.ඒවගේමයි බොහෝ දෙනෙක්ගේ සිත සංවේගයෙන් පුරවන බොහොම මානුෂීය කථා පුවතක් මේ සිනමාපටයට අන්තර්ගතවීම. හරි, තවත් වටින් ගොඩින් නොකියා කෙලින්ම සිනමාපටය පැත්තට හැරුනොත් මෙවර මම අරගෙන ආවේ ඉතාලියානු සිනමාකරු Matteo Garrone විසින් අධ්‍යක්ෂණය කල ” Lo Capitano ” සිනමාපටයයි.මමනම් කියන්නෙ මේ සළරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතුම බොහොම විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කියලා.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.6/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ 96% කුත් ලබාගෙන තිබෙනා මේ සිනමාපටය සම්මාන උළෙලවල් කීපයකම නාම යෝජනා අතරට එක්වන්නත්, සම්මාන දිනා ගන්නත් සමත්වුනු හරිම අපූරු සිනමාපටයක්. මෙවර පැවති 96 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී හොදම අන්තර්ජාතික සිනමාපටයට හිමි නාමයෝජනා අතරට එක්වන්නටත්, වැනිස් සිනමා සම්මාන උළෙලේදී හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නටත් මේ සිනමාපටයට හැකියාව ලැබුනා.ඒවගේමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Matteo Garrone තමයි ” Dogman ( 2018 ), Gomorrah ( 2008 ) ” වැනි විශිෂ්ඨ ගනයේ නිර්මාණත් කලේ. අප්‍රිකානු ජනයාගේ යුරෝපීය සිහිනය පිළිබද ඉතා සානුකම්පිත ඇසකින් බැලූ මේ අපූරු සිනමා නිර්මාණය විටෙක ඔවුන් ගෙවන ජීවිතයේ ඇති කර්කෂ බවත්, තව විටෙක ඔවුන් ඒ කර්කෂ බවින් මිදී තම ජීවිත වලට බලාපොරොත්තුවක් සොයමින් යන ගමනේ ඇති අභියෝගාත්මක බවත් ඉතාමත් මානුෂීය විලසින් සිනමා කෝණයට හසුකර ගන්නට Matteo Garrone සමත්වී තිබෙනවා. එමෙන්ම මේ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවනා Seydou Sarr හා Moustapha Fall ප්‍රථම රංගනය සේම ප්‍රථම සිනමාපටයද මෙය වීමත් තවත් විශේෂත්වයක්. හරි, ” Lo Capitano ” සිනමාපටයේ කථාව පැත්තට ටිකක් හැරුනොත් මෙහි කථාව දිවයන්නෙ යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වටා.ඔවුන් දෙදෙනා දිවි ගෙවන්නෙ සෙනගාලයේ බොහොම දුප්පත් ගම්මානයක.ඉතිං මේ තරුණයින් දෙදෙනාට හොදින් ගීත ගැයීමේ හැකියාව තියෙනවා.ඔවුන් දෙන්නටම ඕකෙ කවදාහරි ප්‍රසිද්ධ ගායකයෝ දෙන්නෙක් වෙන එක.ඉතිං ඒ නිසාම ඔවුන් අදහස් කර ගන්නවා සෙනගාලය අතහැරලා තමන්ගේ හීන යථාර්තයක් කර ගන්න යුරෝපයට යන්න.නමුත් මේක හිතන තරම් ලේසි පහසු ගමනක් නෙමෙයි.බොහොම දුෂ්කර ගමනක්.නමුත් මේ ගමනට ඔවුන්ගේ දෙමාපිය අවසරයනම් ලැබෙන්නෙ නෑ.ඒ හේතුව නිසාම මේ දෙදෙනා තමන්ගෙ පවුලෙ අයටත් හොරා රටින් පිටව යෑමේ අදහසින් නිවසින් පලා යනවා.ඉතිං ඔවුන්ට ඔවුන් මේ යන ගමන සාර්ථක ගර ගන්නට ලැබේවිද? ඉතිං ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා. විටෙක හිත සංවේදී කරනා තව විටෙක ඔවුන්ගේ නොපසුබස්නා උත්සහයේ අපූරත්වය මවනා ” Lo Capitano ” ඔබට නරඹන්නට ඇරයුම් කරමින් මම මෙසේ ඔබෙන් සමුගන්නම්. https://t.me/c/1253701076/6961
Show all...
👍 1 1
Prohibited content
☘️ Io Capitano (2023) | පරාදීසය බලා
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.