cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬 •° Learn Something New Every day •° Improve Knowledge daily •° World Amazing Science related Facts ⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69 | @Dinu_zZ s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Show more
Advertising posts
30 768
Subscribers
+1124 hours
+727 days
+430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
👨🏻‍⚖ දේශපාලන ඉතිහාසයේ වංචා දූෂණ පිළිබඳව කතා කිරීමේදී පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ඉදිරියෙන්ම පසුවන චරිතයකි. 1965 සිට 1986 දක්වා ඔහුගේ දශක දෙකක පාලන කාලය තුළ, මාකෝස් සහ ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා, රටේ භාණ්ඩාගාරයෙන් ඩොලර් බිලියන 5-10 ක මුදලක් වංචා කර ඇත. ඔවුන් මහජන මුදල් ඔවුන්ගේ පුද්ගලික ගිණුම්වලට හරවා දේපළ, ස්වර්ණාභරණ සහ කලා නිර්මාණ සඳහා අධික ලෙස වියදම් කළහ. 💸💸 1986 ඔහුව බලයෙන් නෙරපා හැරීමෙන් පසු මාකෝස් හවායි වෙත පලා ගියේය. සොරකම් කරන ලද වත්කම් ආපසු අයකර ගැනීමට පිලිපීන රජය උත්සාහ දැරුවද ඒ කිසිවක් සාර්ථක නොවීය. 1995 දී, එක්සත් ජනපද අධිකරණයක් ඉමෙල්ඩා මාර්කෝස් දූෂණයට වරදකරු කොට ඇයට සිර දඬුවමක් නියම කළ නමුත් ඇය අභියාචනා සහ නීතිමය ක්‍රියාවලීන් හරහා එයින්ද ගැලවුණි. 😅👌🏼
ලංකාවෙත් හිටියා නේද පවුලක්... 👀
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...
😁 84🤣 35👍 11🔥 2🤬 2
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? 16 වන සියවසේ ප්‍රංශයේ, බිරිඳ හා ස්වාමිපුරුෂයා ලිංගිකව එක්වීමේදී ශිෂ්ණය ඍජු වීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකිය. 😐💔 ඉන්පසු අධිකරණය ඉදිරියට සැමියාව ගෙන්වා පිරිස ඉදිරියේ මෙහි සත්‍යතාව පරීක්ෂා කරන අතර දික්කසාදය හෝ දඬුවම් පැමිණවීමට ද අධිකරණයට බලය තිබුණි. 🏳 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...
🤣 238😐 22😁 10👍 7🤬 5😢 5💔 4🕊 2🙏 1
Photo unavailableShow in Telegram
‼ ඇක්ටිව් සෙට් එක වෙත‼
🌺චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න... 🌈ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා ✨ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන් 👑මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ ☄️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්
Show all...
😐 1
Get now 🎁
අනික කවුරු බලයට පත් උනත් අවුරුදු 10 ක් වත් එක දිගට ඉන්න ඕනි. මොකද මේ රට අවුරුදු 5 න් සුරපුරයක් කරන්න බෑ... බලයට එන අයත් දැනගන්න ඕනි තමන්ගේ බලය ස්ථාවර කරගන්න. බලාපොරොත්තු කන්දරාවක් දීලා අන්තිමට අවුරුදු 5 න් ගෙදර යවන්න සිදු උනොත් මේ රට කවදාවත් හදාගන්න වෙන්නේ නෑ.😅 අපිට අලුත් ආදායම් මාර්ගවලට යන්න බෑ 2028 වෙනකන්. අපේ රටේ තියෙන කර්මාන්ත දියුණු කරන එක තමයි කරන්නෝනි. අනික අපි භූ-දේශපාලනික සිරවීමකත් ඉන්නවා. ඉන්දියාව චීනය අතර තියෙන අර්බුධෙන් එන බලපෑමුත් manage කරන්නෝනි. විදුලිය, ඉන්ධන, අධ්‍යාපනය සහ සෞඛ්‍ය තිරසරව ගෙනියන්නෝනි. විද්‍යාව සහ තාක්ෂණයට අදාළ සියලු ආයතන, පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල ඒකාබද්ධව දියුණු කරන්න ඕනි. අපි තාමත් සූදානම් වෙලා නෑ AI වලට. AI trend එකට අපි enter වුනොත් අවුරුදු 15 ක් 20 ක් යනකොට HDI ( Human Development Index) එක දියුණු රටක මට්ටමට ගේන්න පුලුවන්. ❤️‍🩹 ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේක දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න දාපු සටහනක් නෙවේ. මොන යම් හෝ දේශපාලන පක්ෂයකට කත් අදිනවාට වඩා රටේ ආර්ථිකයට පුරවැසියෙක් විදිහට පුංචි හෝ දෙයක් කිරීම වටිනවා කියන එකයි මගේ මතය.🤍 ඉතින් මේ සටහන ඔයාට වැදගත් වෙන්නැති කියලා හිතනවා. ඔයාගේ මතයට හානියක් සිදු උනානම් සමාවෙන්න කියලත් ඉල්ලනවා...🙏🏻 🖊Janiru Ransith Sources : https://www.worldbank.org/en/country/srilanka 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...

💯 126 14🔥 8👍 3🫡 3🗿 2
අනික කවුරු බලයට පත් උනත් අවුරුදු 10 ක් වත් එක දිගට ඉන්න ඕනි. මොකද මේ රට අවුරුදු 5 න් සුරපුරයක් කරන්න බෑ... බලයට එන අයත් දැනගන්න ඕනි තමන්ගේ බලය ස්ථාවර කරගන්න. බලාපොරොත්තු කන්දරාවක් දීලා අන්තිමට අවුරුදු 5 න් ගෙදර යවන්න සිදු උනොත් මේ රට කවදාවත් හදාගන්න වෙන්නේ නෑ.😅 අපිට අලුත් ආදායම් මාර්ගවලට යන්න බෑ 2028 වෙනකන්. අපේ රටේ තියෙන කර්මාන්ත දියුණු කරන එක තමයි කරන්නෝනි. අනික අපි භූ-දේශපාලනික සිරවීමකත් ඉන්නවා. ඉන්දියාව චීනය අතර තියෙන අර්බුධෙන් එන බලපෑමුත් manage කරන්නෝනි. විදුලිය, ඉන්ධන, අධ්‍යාපනය සහ සෞඛ්‍ය තිරසරව ගෙනියන්නෝනි. විද්‍යාව සහ තාක්ෂණයට අදාළ සියලු ආයතන, පාසල් ගුරුවරුන්, විශ්ව විද්‍යාල ඒකාබද්ධව දියුණු කරන්න ඕනි. අපි තාමත් සූදානම් වෙලා නෑ AI වලට. AI trend එකට අපි enter වුනොත් අවුරුදු 15 ක් 20 ක් යනකොට HDI ( Human Development Index) එක දියුණු රටක මට්ටමට ගේන්න පුලුවන්. ❤️‍🩹 ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේක දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න දාපු සටහනක් නෙවේ. මොන යම් හෝ දේශපාලන පක්ෂයකට කත් අදිනවාට වඩා රටේ ආර්ථිකයට පුරවැසියෙක් විදිහට පුංචි හෝ දෙයක් කිරීම වටිනවා කියන එකයි මගේ මතය.🤍 ඉතින් මේ සටහන ඔයාට වැදගත් වෙන්නැති කියලා හිතනවා. ඔයාගේ මතයට හානියක් සිදු උනානම් සමාවෙන්න කියලත් ඉල්ලනවා...🙏🏻 🖊Janiru Ransith Sources : https://www.worldbank.org/en/country/srilanka 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...

🇱🇰 ශ්‍රී ලංකාවට අනාගතයේ දියුණු රාජ්‍යයක් වෙන්න පුලුවන් ද? ලංකාව කියන්නේ 2022 දී විදෙස් ණය ගෙවාගත නොහැකිව බංකොළොත් තත්ත්වයට පත් වෙලා 2023 වසරේ ඉදන් IMF ණය වැඩසටහන සහනයක් ලබාගත්ත රටක්. මේ වගේ තත්ත්වයක් රටට උදා වුණේ ඇයි? අවුරුදු 2500 ක ඉතිහාසය දිහා බැලුවාම අපිට දියුණු වෙන්න පුලුවන් බොහෝ අවස්ථාවන් හම්බෙලා තියෙනවා. ඒත් අපිට විවිධ හේතුන් හින්දා ඒවා හරිහැටියට ක්‍රියාත්මක කරන්න බැරි උනා. අපේ කලාපයේ ඉන්න සිංගප්පූරුව, මලයාසියාව කියන්නේ අපිට මගහැරුණු අවස්ථා හොදට පාවිච්චි කරලා අපිට වඩා දියුණු උනු රටවල්. දැන් ලෝකේ ප්‍රවණතාවය AI වෙනකොට අපි තාම ඩිජිටල්කරණය වෙමින් තියෙන රටක්. එහෙම තත්ත්වයේ ඉන්න ලංකාව දියුණු රටක් වෙන්න නම් හතර මහා නිධානේ පහළ වෙන්නෝනි.😅 අපිට අපේ කලාපයේ ඉන්න රටවල් වල ආර්ථික තත්ත්වය ට පත් වෙන්න පුලුවන් ද? GDP සහ GDP per Capita කියන්නේ රටක ආර්ථිකය සහ ඒ ආර්ථිකය කොහොමද ගලා යන්නේ කියන එක ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් සාධක දෙකක්. (මේ දෙකෙන් රටක ආර්ථිකය සම්පූර්ණයෙන්ම මනින්න බැහැ). ලංකාවේ අතීත ආර්ථිකය සහ වර්තමාන සිංගප්පූරුවේ ආර්ථිකය හා සමානව තිබ්බා ද? නැහැ. GDP per capita (ඒක පුද්ගල ආදායමෙන්)  අපි  පිටිපස්සෙන් හිටියේ නිදහස ලැබුනයින් පස්සේ. මොකද මේ රටවල් දෙකටම බ්‍රිතාන්‍යය මැදිහත්වීම සිදු උනේ ආකාර දෙකකට. අනිත් හේතුව තමා සිංගප්පූරුව කියන්නේ ලංකාවට සාපේක්ෂව පොඩි රටක් නිසා රටේ ආර්ථිකයට කරන්න පුලුවන් බලපෑම හරි ලේසියෙන් පහසුවෙන් කරන්න පුලුවන්. ඒත් දළ දේශීය නිෂ්පාදනයෙන් අපි ඉස්සරහෙන් හිටියා 1970/71 වෙනකන්. ඒ කාලේ ඉදන්ම ලංකාවේ සහ සිංගප්පූරුවේ ආර්ථික වර්ධන වේගය සමානයි. ඒකෙන් ඔබ්බට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අද තියෙන දියුණුවට පත් වෙන්න ආසන්නතම හේතුව උනේ 1988 Election එක. අපි එමු වර්තමානෙට... දැන් වෙද්දී සිංගප්පූරුවේ GDP එක ඩොලර් බිලියන 600 කට ආසන්න වෙනවා. ලංකාවේ 70ත් 80ත් අතර වෙනවා. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 88 000 යි. අපේ ආසන්න වශයෙන් ඩොලර් 3500 ක් මට මතක විදිහට. ඒක පුද්ගල ආදායමින් සලකලා අපිට සිංගප්පූරුවේ මට්ටමට එන්න නම් අපිට අවුරුදු 50 ක් වත් අඩුම යනවා. ඒකත් වර්ධන වේගය වාර්ෂිකව 6% කටවත් වඩා ඉහළින් තිබුනොත් විතරයි. සරලව කියනවා 2074 වෙනකන් වත් අපිට සිංගප්පූරුවේ මට්ටමට එන්න බැහැ. මේක තමයි ඇත්ත.😅💔 සාමාන්‍යයෙන් රටක් දියුණු යි ද කියලා බලන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 14 000 කට වත් ආසන්න උනාම. ඒ තත්ත්වය ට හරි පත් වෙන්න නම් මේ ආර්ථික ක්‍රමය වෙනස් වෙන්නෝනි. මොකද IMF එකෙන් ලැබෙන වාරිකය අරගෙන සැපට ඉන්න එක නෙවේ දියුණුව කියන්නේ. ලංකාවේ තියෙන සියලුම ස්වභාවික සම්පත්, මානව සම්පත්, යටිතල පහසුකම්,  කාලගුණය උපායමාර්ගිකව පාවිච්චි කරන එකයි වැදගත්. දැන් අපි මොන තත්ත්වයක ද ඉන්නේ ? අපිට ආසන්න ආර්ථික තත්ත්වයක ඉන්නේ ගෝතමාලාව (Guatemala) කියන්න පුලුවන්. ඒත් රටවල් දෙකේ ආර්ථික මාර්ග වෙනස් ඒක මතක තියාගන්න ඕනි. ලංකාව ට දියුණු වෙන්න බැරි උනේ ඇයි? ඕකට හොද උත්තරයක් මගේ මිත්‍රයෙක් කීවා. ඒක මන් කෙටියෙන් පැහැදිලි කරන්නම්. 1948 න් පස්සේ පත් උනු එක එක රජයන් හැමවෙලේම කටයුතු කළේ දක්ශිනාංශික වෙච්චි UK රටවල ප්‍රතිපත්ති හෝ වාමාංශික රටවල් වෙච්චි චීන,රුසියාවේ ප්‍රතිපත්ති සැරින් සැරේට ක්‍රියාත්මක කරපු එක. අවුරුදු 5 න්, අවුරුදු 10 න් රජයවල් වෙනස් වෙනකොට ඒ ප්‍රතිපත්ති වෙනස්වීම් එක්ක දියුණු රටක් බිහි කරන්න බැහැ. අපි කවදාවත් අපේ මිනිස්සුන්ගේ ධාරිතාව,සම්පත, අපේ දේ ගැන හිතලා වැඩ කළේ නැහැ. අපි හැමවෙලේම සහන දිදී දුප්පත් ජනතාවකගේ ජීවන රටාවක් maintain කළේ. මේ විෂම ක්‍රමයෙන් බැහැර වෙලා දුප්පත් මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න උදව් කරා නම් අද වෙද්දී සෑහෙන වෙනසක් කරන්න තිබ්බා කියලා මමත් හිතනවා. අනික් හේතු තමා unsustainable debt එක IMF එක අනුමත කරන්න පවා ණය තිරසර බව වැදගත් උනා. අනික radical විදිහට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සමහර දේවල් වෙනස් කරා. සමහර ආයෝජනයන් කරාට ඒවායේ ආදායමක් ආවේ නැහැ. දූෂණ අක්‍රමිකතා ඇතුළු කොච්චර නම් හේතු තියෙනවා ද මෙහෙම රට බංකොලොත් වෙන්න...🥀 මෙතැනින් ඉස්සරහට අපි යන්නේ කොහොමද ? මිනිස්සු හිතන් ඉන්නවා දැන් රට යථා තත්ත්වයට පත් වෙලා කියලා. නැහැ තාමත් හෙනම කට්ටක් කාලා මේක ඇදන් යන්නේ. සාමාන්‍යයෙන් හොයලා බැලුවොත් අපේ අයවැය හිගය විතරක් රුපියල්  ට්‍රිලියන තුනක්! තාම credit rating එකක් වත් හැදිලා නෑ. ද්විපාර්ශවික ණය එහෙම පිටින්ම තියෙනවා ගෙවන්න. මම හිතනවා මේ වෙලාවේදී ලොකු සහන දෙන්න අවස්ථාවක් නෑ කියලා. එහෙම දුන්නොත් රට හොම්බෙන් යනවා. මේ රට ඇදන් යන්න කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති මාලාවක්, සැලැස්මක් හැදෙන්න ඕනි...👇
Show all...
🫡 42💯 18👍 9🔥 3🗿 3 2👏 1
🇱🇰 ඉදිරි වසර 5 සඳහා රටේ නායකත්වයට ඔබේ තේරීම කුමක්ද...? ‼️ තව දින 4 ‼️
🗳 Poll එකට VOTE නොකරපු අයට තවමත් අවස්ථාව තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීම සඳහා Comment section එක ද විවෘතයි.
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...
🗿 52👍 13 3🔥 1
Photo unavailableShow in Telegram
🐰 හිස හැරවීමකින් තොරව අංශක 360°ක පූර්ණ දර්ශන පථයක් ලබා ගත හැකි සතුන් වර්ග දෙකක් ලෙස හාවුන් සහ ගිරවුන් හැඳින්විය හැකිය. 🦜 ඔවුන්ගේ ඇස් අනිත් සතුන්ගේ මෙන් නොව හිසේ දෙපැත්තේ පිහිටා තිබීම නිසා අංශක 180°බැගින් ඇස් දෙකෙන් ආසන්නව අංශක 360°ක පෙනීමක් ඔවුන්ට ලැබී ඇත. 👀
Photo එක cute කියන අය '❤️' දාන්න...
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...
175🙈 120😘 52🗿 9👍 8🥰 5🤣 5😁 4
Show all...
International Observe the Moon Night 2024 | NC Astronomy #iomn2024

International Observe the Moon Night is an initiative by NASA and is being organized in Sri Lanka for the third consecutive time by the Nalanda College Astronomical Society and the Nalanda College Alumni Astronomical Society During this event, you can participate in lectures about the Moon, observe the Moon through a telescope, and even map the Moon. Participants who complete the given objectives will also receive a valuable e-certificate from NASA.

3
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද❓ 🐡 පෆර්ෆිෂ් පිම්බීමේදි විෂ ද්‍රව්‍යයක් මුදා හරින අතර එයින් සතුරාට හානි කිරීමට අදහස් කරයි, එබැවින් ඔවුන්ට ආරක්ෂිතව ගැලවිය හැකිය. 🐬හාස්‍යයට කරුණක් නම්, මෙය ඩොල්ෆින් මත ක්‍රියා නොකරයි. එබැවින් ඩොල්ෆින්ලා හිතාමතාම විනෝදය සඳහා ඔවුන්ව පුම්බා ඔවුන්ගේ ඩොල්ෆින් මිතුරන් වෙත ඒවා ලබා දෙයි. 😂🤌🏻 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
Show all...
🤣 328 28😁 24👍 10🌚 3🥰 1🗿 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.