cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Wizarding World Fan

JK Rowling මැවූ අපූරු මායා ලෝකයෙ විස්තර සිංහලෙන් දැන ගන්න අපිත් එක්ක එකතු වෙන්න Contact us @Hereugo123

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
189
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Events කරන්න අමාරුයි ලමායි ඔයාලා කතා කරන්නෙ නැතුව😞
Show all...
Photo unavailableShow in Telegram
වොල්ඩර්මෝට් සාමි විසින් හෝ ඔහුගේ අනුගාමිකයන් විසින් යම් කිසි පුද්ගලයකු මරා දැමූ පසු එම ස්ථානයේ අදුරු සලකුණ නිර්මාණය කරයි මෙයින් මොවුන් බලාපොරොත්තු වන්නේ මායාකාරී ජනවතාව අතර භීතිය හා භීෂණය ඇති කරවීමයි ✍ Jinney Weasly @wizardingworldfan
Show all...
🔥 4 2
Photo unavailableShow in Telegram
හෆල්පෆ් නිවාසේ හිටපු සුන්දර සෙඩ්‍රික් ඉතින් හැමෝම දන්නවනේ... 1977 ඔක්තෝබර් 30 වෙනිදා තමා සෙඩ්‍රික් ඉපදිලා තියෙන්නේ ...හොග්වාර්ට්ස් ගියා ට පස්සේ හෆල්පෆ් නිවාසෙට වැටුණ මොහු ඉතා දීප්තිමත් ශිෂ්‍යයෙක් විදියට පාසලේ බැබලෙනවා... හෆල්පෆ් නිවාසේ ක්විඩිච් කැප්ටන් විදියට වගේම පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදියට ත් කටයුතු කරන සෙඩ්‍රික් පාසලේ හය වෙනි වසරෙදි හොග්වාර්ට්ස් ට්‍රයිවිසාඩ් තරගාවලි එක් ශූරයෙක් ලෙස තේරි පත් වෙනවා මේ තරගාවලියේ අවසානයේදි හැරී සමග සම ශූරත්වය දිනා ගන්න ආසන්නයටම ආවත් ඔහුට අවාසනාවන්ත විදියට මිය යනවා ඒ 1995 ජූනි 24 වෙනිදා ✍️ Jinney Weasly @wizardingworldfan
Show all...
🔥 12
Photo unavailableShow in Telegram
Albert Runcorn නැත්තම් මායා අමාත්‍යාංශයේ වැඩ කරපු මෙයාව මතක ද?
ඔව් ඔව් හැරී මෙයා විදිහට Polyjuice Potion එකෙන් වෙස් වලාගෙනනේ මායා අමාත්‍යාංශයට යන්නේ.
මෙයාගේ ඇත්ත ම නම David O'Hara එතකොට මෙයා ඉපදිලා තියෙන්නේ 1965 ජූලි 9 මෙයා මුලින් ම Harry Potter චිත්‍රපටියට ආවේ 2009 වර්ශයෙ දී.   එතකොට එයාට වයස අවුරුදු 44 යි. එතකොට 2024 අද වෙද්දි එයාගේ වයස අවුරුදු 59 ක්. මේ වගේ තවත් ගොඩක් දේවල් දැනගන්න අපිත් එක්ක දිගට ම එකතුවෙලා ඉන්න... #Aboutactors @Wizardingworldfan
Show all...
4
Photo unavailableShow in Telegram
Amycus Carrow කියපු death eater ගැනයි අපි කියන්නේ අද. මෙයාගේ ඇත්ත ම නම Ralph Ineson එතකොට මෙයා ඉපදිලා තියෙන්නේ 1969 දෙසැම්බර් 15 මෙයා මුලින් ම Harry Potter චිත්‍රපටියට ආවේ 2009 වර්ශයෙ දී.   එතකොට එයාට වයස අවුරුදු 40 යි. එතකොට 2023 වෙද්දි එයාගේ වයස අවුරුදු 54 ක්. මේ වගේ තවත් ගොඩක් දේවල් දැනගන්න අපිත් එක්ක දිගට ම එකතුවෙලා ඉන්න... #Aboutactors @Wizardingworldfan
Show all...
5🔥 1
Photo unavailableShow in Telegram
HOGWARTS EXPRESS හැරී පොටර් කතාවේ අපිට දකින්න ලැබෙන හොග්වර්ට්ස් දක්වා ධාවනය උනු හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් කියන්නෙ ස්කොට්ලන්තයේ තියෙන සැබෑම දුම්රියක් ✍️  WWF008 @wizardingworldfan
Show all...
12🤩 4
React එකක් දාන්න මතක් කරන්න ඕනෙ ඉතින් මෙයාලට🥺
Show all...
👍 8🤔 3
Photo unavailableShow in Telegram
Forbidden Forest හැරී පෝටර් කතා මාලාවේ එන තහනම් වනාන්තරයෙහි සත්‍ය නාමය සැබැවින්ම තහනම් වනාන්තරය නොවේ.  එය හුදෙක් පාසලෙන් ලබාදුන් නාමයක් වන අතර " තහනම් වනාන්තරය " ලෙස භාවිතා කරන ලද්දේ එයට කිසිවෙකුටත් ඇතුළු වීම තහනම් වන බැවිනි. ✍ WWF007 @wizardingworldfan
Show all...
18🔥 1
Photo unavailableShow in Telegram
ඕගොල්ලන්ට මතක ඇතිනේ  Neville Longbottom ව. පලවෙනි අවුරුද්දෙ නම් නම් එයා හැම වෙලේම වැඩ වරද්ද ගන්න නිසාම හැමතිස්සෙම කරදරේ වැටෙන්න උනානෙ.  ඕගොල්ලන්ට මතක ඇතිනෙ. එයාට එයාගේ ආච්චි දවසක් බස්සෙක් අතේ Rememberall එකක් එවනවා. ඒ කියන්නේ ඒක අතේ තියන් ඉන්න කෙනාට මොනාහරි දෙයක් දෙයක් අමතක වෙලා නං එක රතුපාට හැරෙන අර බෝලයක් වගේ ඒක. ඉතින් නෙවිල් ඒක අතට ගන්න වෙලාවේමත් මේක රතුපාට හැරෙනවා. ඒ කියන්නේ එයාට ඒ වෙද්දිත් මොකක් හරි දෙයක් අමතක වෙලා. එතකොට නෙවිල් කියනවා එයාට අමතක වුනේ මොකක්ද කියලා මතක නෑ කියලා. ඒ වෙලාවෙනම් ඒ මොකක්ද කියලා කාටවත් මීටර් වෙන්නෙ නෑ. ඒත් ඕගොල්ල අවධානයෙන් සිද්ධිය දිහා බැලුවනම් තේරෙනවා එයාට මොකක්ද අමතක වුනේ කියලා. ඒ වෙලාවේ එතන වටේ ඉන්න අය දිහා හොඳට බැලුවොත් තේරෙනවා ඒ හැම කෙනෙක්ම ඒ ගොල්ලොන්ගෙ කළුපාට ලෝගුව දාගෙන ඉන්නේ කියලා.එක්කෙනෙක් හැර. ඒ තමයි Neville Longbottom. දැන් ඉතින් තේරුම් ගන්න පුළුවන්නේ එයාට අමතක වුනේ මොකක්ද කියලා.😅. ✍ 𝑆𝑐𝑜𝑟𝑝𝑖𝑢𝑠 𝑀𝑎𝑙𝑓𝑜𝑦 @wizardingworldfan
Show all...
12😁 7🔥 1
Photo unavailableShow in Telegram
💝ඕගොල්ලො හැමෝම ස්නේප් ව දන්නවනෙ  💝මුල්ම කාලෙ නම් එයාට කැමති නැති උනාට අවසානෙට හැමෝම ආදරේ කරපු චරිතයක් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. 💝ඒ උනාට ඔයාලා දන්නවද ස්නේප් ගෙ ආදරය අහිමි වීම හැරීට කියනව කියල. 💝ඔව් ඇත්තටම ඒම කියනවා. ඒකත් පළමු වසරෙම පළමුවන පාඩම කරද්දිම. ඒත් ඍජුව නෙමේ කියන්නෙ වක්‍රව. 💝ඒක වෙන්නෙ මෙහෙම. ඕගොල්ලො දන්නවනෙ හැරී ගෙන් ස්නේප් මායා රසායන පාඩමකදි ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි,
💠"What would I get if I added powdered root of asphodel to an infusion of wormwood"💠
💝හැරී ට මේකට උත්තර දෙන්න බැරි වුනාට ස්නේප් හැරීට මේ දෙන්නෙ සංකේතනාත්මක පණිවිඩයක්. 💝වික්ටෝරියානු යුගයේ Asphodel කියල සක්කේතවත් වෙන්නෙ ලිලී මල. 💝ඒ විතරක් නෙමේ Wormwood වලින් ඇඟවෙන්නෙ අහිමිවීම. 💝දැන් ඔයාටම මේවගෙ ගැලපීම හිතාගන්න පුලුවන්නෙ. 💝ස්නේප් ට හැරී දකින වෙලාවට ලිලී අහිමිවීම ගැන කාටවත් නොදැන්නෙන්න හැරීටම කියල තියෙන හැටි. ✍ 𝑆𝑐𝑜𝑟𝑝𝑖𝑢𝑠 𝑀𝑎𝑙𝑓𝑜𝑦 @wizardingworldfan
Show all...
17💔 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.